උ/පෙළ සිසුවාට පිහි පහරක්

01
අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවස බලා යමින් සිටි සිසුවෙකුට අම්බලන්ගොඩ නගරයේදී ඊයේ පස්වරුවේ පිරිසක් විසින් පිහියෙන් ඇන පලාගොස් තිබේ.

මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචි සිසුවෙකු බව වාර්තා වෙයි.

ඔහු සිය මිතුරාද සමඟ විභාගය නිම වී නිවස බලා යමින් සිටියදී පැමිණි කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු පිහි ඇණුම සිදුකර පලාගොස් තිබේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත. පිහි පහර ඔහුගේ හදවත කිට්ටුවෙන් වැදී ඇති අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර පිහි ඇනුමට පැමිණි එක් පුද්ගලයෙකු ඊයේ (09) රාත‍්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පේ‍්‍රම සබඳතාවයක් මත මෙම පිහි ඇනුම සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>