උ/පෙ ප්‍රවේශ පත්‍රය නොදුන් නිසා සිසුවියක් ළිඳකට පැන මැරෙයි

null

විදුහල්පතිවරයා විසින් උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රය ලබානොදුන් බව පවසමින් වව්නියාව – පණ්ඩාරිකුලම් – විපුලානන්ද විද්‍යාලයේ 19 හැවිරිදි සිසුවියක් ළිඳකට පැන සිය දිවි හානි කරගෙන තිබේ.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ වව්නියාව – පණ්ඩාරිකුලම් ප්‍රදේශයේ පදිංචි කුනසේකරම් දිව්‍යා නමැති සිසුවියක්.

ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන තිබෙන්නේ ලිපියක් ලියා තැබීමෙන් අනතුරුව යි. එහි සඳහන් පරිදි පන්ති භාර ගුරුවරිය ඇයට ලබාදුන් විභාග ප්‍රවේශ පත්‍රය විදුහල්පතිවරයා යළි ලබාගෙන තිබේ. සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත්වීම නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදිය නොහැකි බව විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත.

එම සිද්ධිය නිසා ඇති වූ සිත් තැවුලෙන් ඇය මෙලෙස සිය දිවි හානි කරගෙන ඇති බව මිය ගිය දැරියගේ ඥාතියෙකු පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ නිවේදනයක් ද නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන තුරු අදාළ විදුහල්පතිවරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත නියෝග කළ බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>