උපේක්ෂාගේ නිවසට බලෙන් පැන්න පරිගණක ඉංජිනේරුවාට ඇප
ජනප්රිය රංගන ශිsල්පිනී හා හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියගේ හෝමාගම කටුවාන පාරේ පිහිටි නිවසට අනවසරයෙන් ඇතුළු වූ බව කියන පරිගණක ඉංජිනේරුවරයකු හෝමාගම ප්රධාන මහෙස්ත්රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදා හැරිය බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ බොරලැස්ගමුව, රත්තනපිටිය දිලංක රන්දීප් නමැති 35 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.
පසුගිය 14 වැනිදා සිදුවූ මේ සිද්ධිය පිළිබඳව උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය මෙසේ පවසා තිබේ…
“මේ මනුස්සයා මාව බඳින්න ඕනේ කියලා නිතරම පස්සෙන් ඇවිත් කරදර කරනවා. මම මීට පෙර මන්ත්රීවරියක් විදිහට කටයුතු කරන කොට 2014 පෙබරවාරි මාසයේ දිනයක අපේ ගෙදරට ආපු වෙලාවෙත් මම පොලිසියට දැනුම් දීලා අල්ලලා දුන්නා.
මෙයා මම යන යන තැන එනවා. මේක හරි වදයක් වෙලයි තියෙන්නේ. මම මීට පෙර පොලිසියට කිව්වා මොහුගෙන් වන කරදරය ගැන බලන්න කියලා. පසුගිය 14 වැනිදා මම හෝමාගම ගෙදර ඉන්න කොට මේ පුද්ගලයා ගේට්ටුව ඇරගෙන එනවා. අපේ බෝඩිමේ ඉන්න නංගිලා දැකලා තිබෙනවා. ඒ අය මට මේ ගැන කිව්වා. පසුව මම මේ ගැන පොලිසියට දැනුම් දුන්නා. මේක මගේ ජීවිතයට හරි වදයක්. මේ නිසා මට දැන් බයකුත් දැනෙනවා.”
සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය කියයි.