“උඹේ කට වැඩියි” කියා ගුරුවරිය සිසුවාගේ කනට ගහලා

null

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ව්‍යාපාර අධ්‍යයන ගුරුවරියගේ පහරකැමට ලක්‌වූ උසස්‌ පෙළ වාණිජ අංශයේ සිසුවෙක්‌ දින තුනක්‌ තිස්‌සේ රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මේ පිළිබඳව මරදාන පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව මෙම සිසුවාගේ මව සහ පියා ඉතාලියේ රැකියාවක්‌ කරති. සමීප ඥතීන් දෙපළකගේ රැකවරණය ලබන මෙම සිසුවාගේ පාසලේ ගුරු දෙගුරු රැස්‌වීම පසුගිය 12 වැනිදා තිබී ඇත. විශ්‍රාමික ගුරුවරියකද වන ඥති මව (දරුවා එම කාන්තාවට කතා කර ඇත්තේද මව කියාය) අදාළ රැස්‌වීමට ගොස්‌ පංතිය භාර ගුරුවරිය හමුවී ඇත. එහෙත් පසුදා එනම් 13 වැනිදා ව්‍යාපාර අධ්‍යයනය විෂය භාර ගුරුවරිය සිසුවා අසලට පැමිණ පෙරදා රැස්‌වීමට මව හෝ පියා නොපැමිණි බව පවසා දඬුවමක්‌ ලෙස පාසල් වත්ත ශුද්ධ කරන ලෙසට නියම කර ඇත.

තම ඥති මව රැස්‌වීමට පැමිණි බව පැවසු සිසුවා වත්ත ශුද්ධ කිරීම ප්‍රතික්‌ෂේප කරද්දී “උඹේ කට වැඩියි” යෑයි පවසමින් ඔහුගේ කම්මුලට ප්‍රහාර කීපයක්‌ එල්ල කර කණ මිරිකා පංතියෙන් එළියට දැමූ බව පොලිසියට පැමිණිලි කර ඇත.

කන් පෙත්ත තුවාල වී ලේ වහනය වී ඇති අතර සවස නිවසේදී හිසරදය සහ වමනය නිසා සිසුවා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

අජිත් අලහකෝන්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>