31 Dec 2015
උසස් පෙළ ප්‍රතිඵල 3 වැනිදා
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන 3 වැනිදා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා පවසයි.
උසස් පෙළට අලුතින් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාව ද සමඟ විෂය පථ පහක් යටතේ මෙවර ප්‍රතිඵල නිකුත් කෙරේ.
ප්‍රතිඵල සමඟ විෂයධාරාවද සඳහන් කිරීම විශේෂත්වයකි.
අයදුම්කරුවන් තුන්ලක්ෂයකට අධික පිරිසක් විභාගයට පෙනී සිටි අතර අලුතින් හඳුන්වා දුන් තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ සිසුහු 14000 ක් විභාගයට පෙනී සිටියහ.