උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍රය විකෘති කර Facebook දැමූ සිසුවියට දඬුවම්

null

උසස් පෙළ විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයක් වෙනස් කර ෆේස්බුක් සමාජ වෙබ් අඩවියට මුදාහල ශිෂ්‍යාවකට දඬුවම් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම සිසුවිය සිය ෆේස්බුක් පිටුවේ අපොස උසස් පෙළ විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ උඩ කොටසේ ඡායාරූපයක් විභාගයට පෙර දින පළකර තිබුණි.

පසුව සිසුන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ ඉංජිනේරු තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස ෆේස්බුක් පිටුවක පළ කර තිබූ අයුරු තමන් දුටු බවත්, එම ඡායාරූපයේ සඳහන් ප්‍රශ්න පත්‍රයේ උඩ කොඩස ඊයේ පැවැති ප්‍රශ්න පත්‍රයට සමාන බවත් ය.

මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව හෙළිව ඇත්තේ එම සිසුවිය පළමු කොටස ප‍්‍රශ්න පත‍්‍රය, දෙවැනි කොටස ලෙස ඇගවෙන පරිදි විකෘති කර සිය ෆේස්බුක් ගිණුමට දමා ඇති බවයි.

මෙම ක‍්‍රියාව තමන් විසින් සිදුකළ බව සැකකාර ශිෂ්‍යාව මේ වන විට පිළිගෙන තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>