උසාවියේ ඈනුම් ඇරියාට මාස අටක් හිරේට

null

මහේස්ත්‍රාත්වරයා නඩු විමසන අවස්ථාවේ මහා හඬින් ශබ්ද නඟා අධිකරණ ශාලාවේ ඈනුමක් පිට කළ වරද පිළිගත් පුද්ගලයෙකුට ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණය මාස අටක සිරදඬුවමක් නියම කර තිබේ.

මෙම පුද්ගලයා අධිකරණයේ සිර මැදිරිය තුළ රඳවා සිටි අතර ඔහු ඈනුම ඇර ඇත්තේ අසාමාන්‍ය ශබ්දයක්ද නගමින්. එ් අනුව අධිකරණ රාජකාරීවලට බාධා කර අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු කරමින් මෙම දඬුවම නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ රත්මලානේ ඉමේෂ් වසන්ත නමැති හෙරොයින් නඩුවක සැකකරුවෙකුට යි.

මොහු හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර වරදකරුවෙකු වී ඇති අතර ඊට දඬුවම් ලෙස ඔහුට ප‍්‍රජා සේවා නියම කර තිබුණි.

එහෙත් ප‍්‍රජා සේවාවලට සහභාගි වීම ඔහු විසින් පැහැර හැර ඇති අතර නැවත ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ එ් අනුවයි. ඊට අදාළ නඩුව සඳහා ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සිට ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>