උසාවියේ ලොකු නිලධාරියෙක් සේවිකාවට ගහලා

null

අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි.

තමාට සිදුවූ පහරදීම හා හිරිහැර ගැන ඇය ඊයේ මධ්‍යම රාත්‍රී 12.15ට පමණ ගල්කිස්ස පොලීසියට පැමිණ, පැමිණිලි කර ඇත.

බියගම, සියඹලාපේ පදිංචිකාරියක වන ඇය එකී නිලධාරියාගේ නිවසේ සේවයට පැමිණ ඇත්තේ පසුගිය 15 වැනිදාය. එතැන් සිට නිවසිට පිටතට යෑමට නොදී රෝගී දරුවකු බලා ගැනීමට බාර දී ඇති බවත්, දරුවා නිතර පහර දෙද්දී අධිකරණ නිලධරයාද බලා සිටිමින් තමාට පිස්තෝලයෙන් පහර දෙන බවත් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.

එසේම පහරදීම නිසා තමන්ගේ දකුණු අතේ උරහිස ප්‍රදේශය ගෙඩී ගැසී ඇති බවද පපුව ප්‍රදේශයේ ද සිරීම් තුවාල ඇති බවද පැමිණිල්ල මඟින් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඇය පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.

මේ තැනැත්තා මීට පෙර පොලිස් කොස්තාපල්වරයකුට ද පහර දී ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිස් ආරංචි කියයි. ඒ අනූව මෙම සිද්ධිය ගැන ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර මේ ගැන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>