ඌවට තේරුණු මන්ත්‍රීන්ගේ නම් මේ සතියේ ගැසට් පත්‍රයට

election

ඌව පළාත් සභාව සඳහා තෝරා ගැනෙන අපේක්ෂකයින්ගේ නාම ලේඛන මෙම සතිය තුළ ගැසට් කිරිමට බලාපොරොත්තු වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

මැතිවරණයෙන් ජයග‍්‍රහණය ලැබූ අපේක්ෂකයින්ගේ නාම ලේඛනය හෙට දිනයේ මැතිවරණ මහලේකම් කාර්යාලයට ලැබීමට නියමිත අතර අදාළ නාම ලේඛනය ලබා ගැනීමෙන් අනතුරුව ඌව පළාත් සභාව සඳහා තේරී පත් වූ මන්ති‍්‍රවරුන්ගේ නම් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසා ඇත.

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අපේක්ෂකයින් 617 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර ඉන් තෝරාගැණුනු මන්ත්‍රීධුර සංඛ්‍යාව 34කි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිධුර 09ක් හිමි වු අතර එක්සත් ජාතික පක්ෂයට හිමිවු මන්ත්‍රීධුර සංඛ්‍යාව 08ක් වෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයෙන් ජනතා විමුක්ති පෙරමුණට ද එක් මන්ත්‍රීධූරයක් හිමිවුණි.

මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රීවරුන් 08 දෙනෙකු තෙරි පත්වුණු අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 05 දෙනෙකු තේරි පත්වී තිබේ.

ජනතා විමුක්ති පෙරමුණට ද මොණරාගල දිස්ත්‍රික්කයෙන් එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇත. මේ අතර අදාළ මන්ත්‍රිවරුන් දිවුරුම් දිම පිළිබඳව ඉදිරි දින වලදි තීරණයක් ගන්නා බව දේශපාලන පක්ෂ සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>