ඌවේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

election

ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද(17) මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමට නියමිතව තිබේ. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ඍජු හෝ වක්‍ර මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සපුරා තහනම් බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම් මොහොමඩ් මහතා පැවසුවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ප‍්‍රචාරක රැළි දෙකක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වැල්ලවායේදී සහ මහියංගණයේදී පැවැත්වෙනු ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ අවසන් ප‍්‍රචාරක රැලිය බදුල්ල වින්ස්පාක් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ එම පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන්.

ජනතා විමුක්ති පෙරමුණ සිය අවසන් ප‍්‍රචාරක රැළිය මහියංගණය – රිදීමාලියැද්දේදී පවත්වයි. ඒ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකගේ ප‍්‍රධානත්වයෙන්.

මේ අතර ඌව පළාත් සභා ජන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට අදාළ සිදුවීම් 69ක් වාර්තා වන බව පොලිසිය සඳහන් කරන අතර ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැමිණි 06ක් ද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පැමිණිලි 03ක් ද ලැබී ඇති බව සඳහන් වෙයි.

මේ අතර අද සිට බදුල්ල සහ මොණරාගලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කරයි. ඒ සඳහා පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 12,000 ක් පමණ යෙදවීමට කටයුතු කරන බව ඔහු වැඩි දුරටත් පවසා ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>