ඌව ඡන්දය ඇරැඹේ
ඌව පළාත් සභා ඡන්දය අද පෙරවරු හතට ආරම්භ විය. මොණරාගල හා බදුල්ලේ මධ්‍යස්ථාන 834 දී ඡන්දය පැවැත්වේ. මන්ත්‍රීධුර 32ක් සඳහා අපේක්ෂකයෝ 617ක් මෙවර තරඟ වදිති.
අද පස්වරු හතරට ඡන්දය දැමීම අවසන් වේ. මධ්‍යම රාත්‍රියට පෙර පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්කිරීමට හැකි වෙතියි මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.
පැෆ්රල් සංවිධානය පවසන්නේ මේ වන විට ඌව පලාත් සභා ජන්ද විමසීමේ කටයුතු සාමකාමිව සිදුවන බවයි.
කෙසේ වෙතත් ජන්ද දායකයින්ගෙන් ජන්දය ආයාචනය කිරීමේ සිදුවීම් කිහිපයක් වාර්තා වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන අතර උදෑසන ජන්ද විමසීම ආරම්භවු අවස්ථාවේ පටන් මේ දක්වා බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා නොවන බවද පැවසුවේය.
මැතිවරණ ප්‍රතිපල හැකි ඉක්මනින් මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රීය මහතා පවසයි.
සෙල්ලකතරගම – කේ.ඩී. දේවප්‍රිය
ශෂේන්ද්‍ර රාජපක්ෂ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින්. – කේ.ඩී.දේවප්‍රිය
එක්සත් ජාතික පක්ෂ මහ ඇැමති අපෙක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල විශාඛා විදුහල් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අයුරු. – පාලිත ආරියවංශ
ජනතා විමුක්ති පෙරමුණ මහ ඇමැති අපෙක්ෂක සමන්ත විද්‍යාරත්න මහතා ඡන්දය ප්‍රකාශකිරීමට පැමිණි අයුරු. – නයනජීව බණ්ඩාර