ඌව මහ ඇමතිගේ ආරක්ෂක රිය ගැටී 3ක් මරුට

null

ඌව ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ගමන්ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ආරක්ෂකයින් ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද අළුයම 1.30ට පමණ බුත්තල – මොනරාගල පාරේ මහගොඩයාය තුරු සෙවණේදී නවතා තිබූ ටිපර් රියක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

මෙම ජිප් රියේ ගමන් කළ වැඩිදෙනා පොලිස් නිලධරයෝ වන අතර ඔවුන් අතරින් තිදෙනෙක් මියගොස් සිව්දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි.

තුවාලකරුවන් සිරිගල රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>