09 Mar 2015
එංගලන්තය ඉවතට – ශ්‍රී ලංකාවත් අර්ධ අවසන් පූර්ව වටයට
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ බංගලාදේශය හා එංගලන්තය අතර අද පැවති තරඟයෙන් ජයගැනීමට බංගලාදේශ කණ්ඩායම සමත් විය.
අද තරඟයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ට ලකුණු 275ක් ලබාගත් අතර එංගලන්තයට ලබාගත හැකිවුයේ පන්දුවාර 48.3දී ලකුණු 260ක් පමණි.
මෙම තරඟයේ පරාජයත් සමග එංගලන්ත කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමි විය.
ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය මීළඟ වටයට පිවිසීමට සුදුසුකම් ලබාගැනීමට සමත්ව තිබේ.
ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරඟය ස්කොට්ලන්තයට එරෙහිව ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතය.