එකට සිටි කෙනෙක් ගැන සැකයි – සේයාගේ පියා

null

තම ගමේ තමන් සමග එකට සිටි අයෙකු මෙම අපරාධයට සම්බන්ධ ඇතැයි තමන් විශ්වාස කරන බව දූෂ්‍ය කොට කෲර ලෙස ඝාතනයට ලක්වූ කොටදෙණියාව සේයා සදෙව්මි දැරියගේ පියා වන උපුල් නිශාන්ත මහතා පවසයි.

එසේම තනි පුද්ගලයෙකු නොව ඊට වඩා වැඩි පිරිසක් ඊට සම්බන්ධ වන්නට ඇතැයි තමන් සැකකරන බවද හෙතෙම සඳහන් කර තිබේ.

අද (17) තම දැරියගේ හත් දවසේ දානය පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇතැයි තමන්ට දැනගන්නට හැකිවී ඇති බවත්, ඒ පහළින් ඇති අසළ ගෙදරක අයෙකු හා ගෙවල් කිහිපයකට එහායින් ඇති කෙනෙකු බවත්, ඒ අයටත් දරුවන් සිටින බැවින් තමන් ඒ පිළිබඳ වැඩිදුර කිසිවක් ප්‍රකාශ නොකරන බවත් ඔහු සඳහන් කරයි.

දැරියට වයස අවුරුදු පහ සම්පූර්ණ වූයේ ඊයේ (16) දිනයට බවත්, මෙවර උපන් දිනය වෙනුවෙන් ළදරු පාසලේ දරු දැරියන්ට අයිස් ක්‍රීම් අරන්දීමට සේයා දැරිය බලවත් ආශාවෙන් බලා සිටිය බවත්, කවුරුන් කොහොම කීවත් පවුලේ දැරිය වඩාත්ම ආදරය කළේ තමන්ට බවත් උපුල් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>