එකම පවුලේ සොහොයුරන් දමිළ සිසුවිය දුෂණය කර මරා හංගලා

null

පසුගියදා යාපනය – කයිට්ස් – පුංගඩතිව් දූපතේදී දෙමල විදුහලේ උසස්පෙළ හදාරන 18 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කර ඝාතනය කර තිබියදී පොලිසිය විසින් සොයාගන්නා ලදී.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ සිවලෝගනාදන් විත්‍යා නමැති 18 හැවිරිදි පාසල් සිසුවිය යි. මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබුණි.

කයිට්ස්, පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ උසස්පෙළ ඉගෙනුම ලබමින් සිටි විත්‍යා පසුගිය බදාදා උදෑසන පාසල වෙත යෑමට නිවෙසින් පිටත්වී ගියත් පාසල නිම වී නැවත නිවෙස වෙත නොපැමිŒම ගැන නිවැසියන් කලබලවී ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුණි. ඇයට සිද්ධවූ දේ සොයාදෙන ලෙස පොලිසියට බලකරමින් සිසුන් පාරටද බැස තිබුණ අතර කයිට්ස් පොලිසිය සිදුකළ විමර්ශන වලදී ඇගේ මළ සිරුර ඊට පසුදා උදෑසන පුන්කුඩිතිව් 9 වැනි පටුමඟ ආසන්න ප්‍රදේශයේ කැලෑවක තිබී සොයාගැනුනි.

දේහය සම්බන්ධයෙන් යාපනය ශික්ෂණ රෝහලේ පැවැති පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේදී සිසුවියගේ කටට රෙදි කැබලි ඔබා ඇය දූෂණය කර ඇති බවත් ඇගේ හිස තද පෘෂ්ඨයක වැදී රුධිරය මොළයට ගමන් කිරීමෙන් මරණය සිදුවී ඇති බවත් අනාවරණය විය.

කෙසේ වෙතත් ම් සම්බන්ධ සැකකරුවන් පොලිසිය අල්ලාගෙන තිඛෙන අතර ඔවුන් එකම පවුලේ සහෝදර පිරිසක් බවද දැන් අනාවරණයවී ඇත. රවි හෙවත් 40 හැවිරිදි පුබාලසිංහම් රත්නකුමාර්, සෙන්දිල් හෙවත් 34 හැවරිදි පුබාලසිංහම් ජෙයකුමාර්, සින්නාම්බි හෙවත් 32 හැවරිදි පුබාලසිංහම් තවකුමාර් යන තිදෙනා එලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් තිදෙනා එක්ව මෙම සිසුවිය පාසල් ඇරී නිවසට යන අවස්ථාවේ මග රැක බලා සිට පැහැර ගෙන ඇති බවත් පසුව ලඳු කැලෑ ප්‍රදේශයකට ගෙන ගොස් කටට රෙදි කැබලි ඔබා තිදෙනාම එක්වී වරින්වර දූෂණය කිරීමෙන් පසු අනන්‍යතාව හෙළිවේ යයි බියෙන් හිසට ගලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඔවුන් සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>