එකම පවුලේ සොහොයුරන් දෙදෙනා මුහුදට බිලි

01

පියා සමග තංගල්ල කපුහේන්වල මුහුදේ දිය නෑමට ගිය දරුවන් දෙදෙනක් මුහුදේ ගසාගෙන ගොස් ඇති අතර නව හැවිරිදි මල්ලි මියගොස් 12 හැවිරිදි අයියා අතුරුදන්ව ඇතැයි තංගල්ල පොලිසිය කියයි.

ඊයේ(22) පස්වරු 4.30ට පමණ සිය පියා සහ දරුවන් තිදෙනෙකු මුහුදේ දියනාමින් සිටියදී ඔවුන් දිය වැලකට හසුව ගසාගෙන ගොස් ඇති අතර 13 හැවිරිදි දරුවෙකු පියා විසින් බේරාගෙන තිබේ.

මියගොස් ඇත්තේ තංගල්ල, නෙටොල්පිටිය රැකව පාර ප්‍රදේශයේ පදිංචිව සිටි විදානගේ ධනුෂ්ක විකුම් නමැති නව හැවිරිදි දරුවෙකි.

15 හැවිරිදි විදානගේ ඔක්ෂාන් චන්දන නමැති දරුවාගේ සිරුර සෙවීමේ කටයුතු පොලිස් ජීවිතාරක්ෂක හා නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකරන බව තංගල්ල පොලීසිය සඳහන් කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>