08 Nov 2015
එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ පැවති තුන්වන සහ අවසන් එක්දින තරඟයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය.
කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් පිලට ආරාධනා කළේය. කෙසේ වෙතත් තරඟයට කාලගුණයෙන් බාධා පැමිණිම හේතුවෙන් පන්දුවාර 36ට තරඟය සීමා කිරීම තරඟ තිරකවරයා තීරණය කරන ලදී.
ඒ අනුව පන්දුවාර තිස් හය අවසානයේ බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 206-09ලබා ගන්නා ලදී.
ඊට ප්‍රතිචාර ලෙස පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දක්වත් ලුවිස් ක්‍රමයට වැඩි ලකුණු 19 න් ජයග්‍රහණය කළ අතර තරඟාවලිය 3-0 ක් ලෙස ජයග්‍රහණය කරන ලදී.
තරගයේ වීරයා ලෙස මාලන් සැමුවෙල්ස් සම්මාන හිමිකරගත් අතර තරගාවලියේ වීරයා ලෙස කුසල් පෙරේරා සම්මාන හිමිකර ගත්තේය.