එක්සත් ජාතීන්ගේ සමුළුවේදී මෛත්‍රී මෝඩි හමුවෙයි

null

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා අමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබේ.

ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවර දී මෙම සාකච්ඡා පැවති බව වාර්තා වේ.

එහිදී දෙරටේ සබඳතා පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා කර ඇති අතර ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර නිව්යෝක්නුවර දී සිදුවූ හමුව සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එමින් හින්දු පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාව, යුක්තිය සෙවීම වෙනුවෙන් දරණ ප්‍රයත්නයට ඉන්දියාවේ පූර්ණ සහාය හිමි වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඉන්දියාව අඛණ්ඩව ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අවධාරණය කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දියාව විසින් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නංවා ඇති අතර ලබන වසර මුල් භාගයේදී නිවාස 46,000ක් සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>