එක කැසිනෝ ලයිසන් එකක් බාර් ලයිසන් එකක් දීලා නෑ
අද (23) උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ජනධිපාහි මහින්ද රාජපක්ෂ මහතාගේ “මහින්ද චින්තන ලොව දිනන මඟ” ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවතුනි.
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ මැතිවරණ පොරොන්දු කියන්නේ සාමාන්‍යයෙන් මාස කිහිපයකදී අමතක කරන ලියවිල්ලක් නමුත් මහින්ද චින්තනය කියන්නේ අමතක කරන පොරොන්දු ලියවිල්ලක් නොවන බවය. ඒ අනූව මහින්ද චින්තනය යනු කියන දේ කරන කරන දේ කියන ලියවිල්ලක් යැයි වැඩි දුරටත් එතුමා සඳහන් කළේය.
මහින්ද චින්තන – ලොව දිනන මඟ ලෙස නම් කෙරුණු ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා මුලින්ම මහා සංඝරත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයට පිරිනැමූ අතර එහිදී ජනපති ප්‍රකාශ කර සිටියේ “හාමුදුරුවනේ එක කැසිනෝ ලයිසන් එකක්, එක බාර් ලයිසන් එකක් නොදුන් දෑතක් තමාට තියෙන්නේ කියා ආඩම්බරයෙන් කිව හැකියි” යනුවෙනි.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පහත ලින්කුවෙන් බැලිය නරඹන්න.