20 Jun 2015
එජාපය මහමැතිවරණයේදී තනිවම තරඟයට
එළඹෙන මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට තීරණය කර තිබේ. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවකදී මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම නාම යෝජනා කමිටුවට සාමාජිකයින් පත් කිරීමේ බලය පක්ෂ නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමටත් එහිදී තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඉදිරි මහමැතිවරණයේදී තමන් තනි පක්ෂයක් ලෙස තරග කිරීමට තීරණය කළත් වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සමග සාමුහිකව කටයුතු නොකරන බව එයින් අදහස් නොවන්නේ යැයි එජාපය පවසයි.
එහි භාණ්ඩාගාරික නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ වෙනත් පක්ෂ හෝ කණ්ඩායම් සමග සාමූහිකව කටයුතු කිරීමට තමන් සෑම විටම සුදානම් බවයි.