එජාපෙ ආණ්ඩුවක් පිහිටුවීම නවත්වන්න කාටවත් බැහැ

null

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගෙන මේ රටේ ස්ථාවර රජයක් පිහිටුවීම කිසිවකුටත් නතර කළ නොහැක්කක් බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සිය ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා කොළොන්නාව එ.ජා.ප. මැතිවරණ කාර්යාලයේ පැවැති ජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පවසා ඇත.

ඇය වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

“මම මගේ පියා වගේම කිසිමදාකවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර යන්න හිටපු කෙනෙක් නොවෙයි. බස්නාහිර පළාත් සභා ඡන්දය ඉහළින්ම ජයග්‍රහණය කළ මා එදා සිට එම පක්ෂයේ කාර්යයන් පිළිබඳ හොඳ අවධානයෙන් යුතුව ක්‍රියා කළා.

එකල අපට පෙනී ගිය කරුණක් තමයි මහින්ද රාජපක්ෂ රජය රටත් ජනතාවත් සම්බන්ධව කටයුතු කරනවාට වඩා තම පවුලේ පෞද්ගලික උවමනා එපාකම් ඉටුකර ගැනීමට දරන උත්සාහය හා එමගින් විශාල ලෙස රට පුරාම වංචා දුෂණ වගේම මත්කුඩු ජාවාරම් වැනි ව්‍යාපාරවලට ඉඩකඩ සැලසී තිබෙන අන්දම. මේ සම්බන්ධව හොඳ අවබෝධයකින් සිටි පිරිසක්ද එකල අපේ පක්ෂයේ හිටිය වගේම ඔවුන් මේවාට විරුද්ධව පක්ෂය තුළ අරගල කිරීම්ද ආරම්භ කර තිබුණා.

මේ අතරතුර තමයි පසුගිය ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වුණේ. මම මගේ ජීවිතයේ මේ කෙටි කාලය තුළ බරපතළ තීන්දු තීරණ අරගෙන තිබෙනවා. ඉන් එකක් තමයි මහින්ද රාජපක්ෂ රජයේම සිට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය ලබාදීමට ඉදිරිපත්වීම.

සමහරුන් එවේලේ මට කීවේ මේක ජීවිතයත් මරණයත් අතර කරන සටනක් කියලයි. නමුත් මෙතෙක් මා ගත්තු තීරණයක් කිසිදාක වැරදුණේ නැහැ. එදා යහපාලනයක් උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය ගමන ජයග්‍රහණය කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික ධුරයක්ද හිමිවුණා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>