එජාප මන්ත්‍රීට වෙඩි තබා පලාගිය හයිබ්‍රිඩ් රිය සොයාගැනේ

null

මෛත්‍රීපාල සිරිසේන මහතා රජයෙන් ඉවත් වු පසුගිය 21 වැනිදා කළුතරදී රතිඤ්ඤා පත්තු කරමින් සිටි සිටි බේරුවල ප්‍රාදේශිය සභා හිටපු මන්ත්‍රී චමිල රණසිංහට වෙඩි තැබීමට සැකකරු පැමිණි හයිබ්‍රිඩ් කාරය සිසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයා තවමත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

පොලිසිය විසින් එහි හිමිකරු ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර ලංකාදීප පුවත් වාර්තා කරන්නේ එම කාරය සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකුට අයත් එකක් බවත් ඇමැතිවරයකුගේ සමීප නෑයකු බව කියන ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇති බවත් පොලීසිය සඳහන් කල බවය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>