එජාප මන්ත්‍රී තෙවරප්පෙරුමගේ යහපාලනය මේකද

null

මතුගම – අගලවත්ත ප‍්‍රදේශයේ ඊයේ (18) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින් ඇතිකළ සිදුවීමක් බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ඒ බව සඳහන් කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයක් විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබූ අවස්ථාවක එම ස්ථානයට පැමිණි පාලිත තෙවරප්පෙරුම මහතා සහ ඔහුගේ කණ්ඩායමක් විසින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති කර තිබේ.

අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම එජනිස පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතාව එම ස්ථානයේ පිහිටි ඔරලෝසු කණුව අසලට බලහත්කාරයෙන් ගෙන ගොස් ඔහුව දණ ගස්වා ඔහුට පහර දීමක් සිදු කර තිබේ.අනතුරුව මෙම මැර පිරිස එම ස්ථානයේ සිටුවා තිබූ කොඩි කණු ගලවා බිම දමමින් කළහකාරීලෙස හැසිරී ඇත.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>