22 May 2015
එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා
උතුරේ පසුගියදා ඇතිවුවා වැනි සිදුවීම යළි නොවීමට සෑම පාර්ශවයක්ම කටයුතු කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂ මහතා පවසයි. ඔහු පවසන්නේ මෙවැනි සිදුවීම් යළි සිදුවුවහොත් එය අනාගතයට අයහපත් පුර්වාදර්ශයක් වනු ඇති බවයි.
“අද උතුරේ උසාවි වලට පොලිස්ථාන වලට ගල් ගහනවා. එදා LTTE පටන් ගත්තෙත් එහෙම තමා. මේක භයානක තත්වයක් හා මුල පිරීමක්. ඉතිහාසය ගත්තාම ඔහොම තමයි LTTE එක ආරම්භ උනේ. ඒක නිසා පොලිසිය ක්රියාත්මක වෙන්ඩ ඕන. උතුරේ නිතිය එක ක්රමයටත් දකුනේ නිතිය එක ක්රමයටත් ක්රියාත්මක කරන්ඩ බෑ. රටේ එක නිතියක් පවතින්ඩ ඕන. සාමය තියෙන්ඩ ඕන. මේ තත්වය ඉක්මනින් වෙනස් කිරිමක් කරන්ඩ ඕන. බොහොම පැහැදිලියි ඉතාමත්ව සංවිධානත්මකයි කියලා.”
මහියංගණය ප්රදේශයේ විහාරස්ථානයේ ආගමික් උත්සවයකට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත.