17 Dec 2015
එන්ජිම තුළට ඇදී ගුවන් සේවකයෙක් මරුට
ඉන්දියානු ගුවන් සමාගමට අයත් සේවකයෙකු යානයක එන්ජිමක් තුළට ඇදී යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුර සිදුව තිබෙන්නේ මුම්බායිහි චාත්‍රපති ශිවාජි ගුවන්තොටුපොලෙන් හයිද්‍රාබාද් බලා ගුවන්ගතවීමට සූදානම්ව තිබූ එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් එයාබස් A319 යානයකය.
ඊයේ (16) රාත්‍රි 8.45 ට පමණ එම යානය හයිද්‍රාබාද් පිටත්වීම සඳහා සූදානම්ව ගුවන් පථයට පැමිණ තිබේ. සේවකයා යානය ආසන්නයට පැමිණ ඇත්තේ යම් කටයුත්තක් වෙනුවෙන්. කෙසේ වෙතත් හෙතෙම අපරීක්ෂාකාරීව යානය ආසන්නයේ සැරි සරා ඇති බව සඳහන්.
ඔහු එන්ජිම අසළට පැමිණෙනවාත් සමගම ක්ෂණයෙන් ඇද ගැනීමට ලක්ව ඇත.
මේ පිළිබඳව කනගාටුව පලකරන එයා ඉන්දියා ගුවන් සමාගමේ සභාපති අශ්වානි ලොහානි මහතා පවසා ඇත්තේ මෙය අනපේක්ෂිත අනතුරක් බවය.