07 Jan 2015
එයාර්ඒෂියා ගුවන් යානයක් හදිසියේ කටුනායක ගොඩබස්වයි
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කරමින් තිබූ එයාර්ඒෂියා ගුවන් යානයක් හදිසියේම ඊයේ (06) කටුනායක ගුවන් තොටුපොළට ගොඩබස්වා තිබෙන බව වාර්තා වේ.
අධික මීදුම් තතත්වයක් හේතුවෙන් ඇතිවූ අවුල්සහගත තත්ත්වය නිසා චෙන්නායි වෙත ළඟාවීමේ අපහසුතා මත යානය කොළඹට හරවා එවූ බව එයාර්එ්ෂියා ගුවන් සමාගම පවසා තිබේ.
ඊයේ (06) පෙරවරු 7.25ට චෙන්නායි වෙත ගොඩබැස්වීමට තිබූ AK11 දරණ මෙම යානයේ මගීණ් 168 දෙනෙකු එම අවස්ථාවේදී සිට ඇති අතර, පෙරවරු 11.15 වනවිට යානය නිරුපද්‍රිතව කටුනායක වෙත ගොඩබස්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
චෙන්නායි ගුවන් තොටුපොළ අවට දැඩි මීදුම් තත්ත්වයක් පසුගිය දින කිහිපය පුරාම පැවතී ඇති අතර ගුවන් පරාසයට ආසන්නතම ගුවන් තොටුපළ කටුනායක ගුවන් තොටුපළ බැවින් යානය හරවා ඒවා තිබේ.