එයාර් ඒෂියා අනතුර සිදුවන විට නියමුවා අතුරුදන්

null

ඉකුත්දා අනතුරට ලක් වූ එයාර් ඒෂියා යානයේ ප‍්‍රධාන නියමුවා එම අනතුර සිදුවන මොහොතේ ප‍්‍රධාන නියමු අසුනේ නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ යානය මෙහෙයවා ඇත්තේ සහාය නියමුවා බව මේ වන විට අනාවරණ වී ඇත.

ඉන්දුනීසියානු පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කළේ යානය හදිසියේ ඉහළට ඔසවන මොහොතේ සහාය නියමුවා එය පාලනය කිරීමට ගනු ලැබූ උත්සාහය අසාර්ථක වී ඇති බවයි.

ඒ වහාම ප්‍රධාන නියමුවා මෙහෙයුම් කුටිය වෙත පැමිණ ඇතත් එම කාලය ඔහුට යානය අනතුරින් මුදා ගැනීමට තරම් ප්‍රමාණවත් වී නොමැති බව ද එම විමර්ශකයින් පවසා ඇත.

AirAsia සමාගමට අයත් QZ 8501 දරණ මෙම ගුවන් යානය පසුගිය දෙසැම්බර් 28 වන දා අනතුරට ලක්වුයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පුද්ගලයින් 162 ක් සමග ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබියදී ය.

එම යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ඉරියන්තෝ නම් ගුවන් නියමුවා ය.

කෙසේ වෙතත් වන් යානා අනතුරට හේතුව කුමක් ද යන්න මේ වන තෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>