එල්.ටී.ටී.ඊය නැවත ප්‍රතිසංවිධානයවීමේ සුදානමක්

ltte

එල්.ටී.ටී.ඊ. ය නැවත ඕස්ටේ‍්‍රලියාව තුළ ප්‍රතිසංවිධානයවීමේ සුදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගියදා ඕස්ටේ‍්‍රලියාව බලා යාමට සූදානම්ව සිටි මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් ඉන්දියාවේ ප‍්‍රකාශම් මුහුදු තීරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් අතර එම පිරිසගෙන් මෙම තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවේ මුලතිව් සහ මඩකළපුව යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් 6 දෙනෙකි. මොවුන් අවුරුදු 26 සහ 28 යන වයස් කාණ්ඩ වල පසුවන්නන් බව ද සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාව බලා යෑමේ මොවුන්ගේ අරමුණ රැකියා සොයා ගැනීම නොවන බව ද එම මාධ්‍ය පෙන්වා දෙයි.

එමෙන්ම මොවුන් සතුව තිබී චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ කිහිපයක් ද සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ කරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ එම උපකරණ භාවිතා කරමින් ඔවුන් කැනඩාව සහ එංගලන්තයේ දෙමළ ජනතාව සම්ග සාකච්ඡා කර ඇති බවය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>