එල්.ටී.ටී.ඊය ප්‍රතිසංවිධානය කිරීමට හැදු දෙදෙනෙක් අත්අඩංගුවට

01

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් දෙදෙනා අබුඩාබියෙන් මෙරටට පිටුවහල් කර ඇති අතර ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මුලගතිව් විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි බාලචන්ද්‍රන් තවබාලන් නැමැති 26 හැවිරිදි අයෙකු සහ යාපන , ඉලවාලි ප්‍රදේශයේ පදිංචි සෙබස්තියන්පිල්ලේ රොබට් නැමැති 43 හැවිරිදි අයෙකුය.

මීට අමතරව ඔවුන්ට ව්‍යාජ වීසා බලපත‍්‍රයකින් ගමන් කිරීමේ වරදට ද නීතිමය කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරන අතර සෙබස්තියන් පිල්ලේ නැමැති සැකකරු මීට පෙරද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරි අයෙකු බවද සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>