එස්.එෆ් ලොක්කාට රට පැනීම තහනම්

null

කරාතේ වසන්ත ඝාතන සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා නැමැත්තා විදේශගතවීම වළක්වාලමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට අද (29) තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

සැකකරු විදෙස් ගතවීමට ගුවන්තොටුපළට පැමිණියහොත් වහාම පොලිස් අත්අඩංගුවට පත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා ආගමන විගමන පාලකවරයාට නියෝග කර ඇත.

අනුරාධපුර මූලස්ථාන පොලීසිය සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්ය.

මේ අතර, මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 08 දෙනෙකු ලබන මස 09 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනායි.

මොවුන් සියලූ දෙනා අනුරාධපුර ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුද ඊට අයත්. මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා සෙබලෙකු පොලිසිය අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදීයි.

අද (29) අත්අඩංගුවට ගත් මෙම සැකකරු සහ රක්ෂිත බන්ධනාගාරගත කර ඇති සැකකරුවන් සමඟ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මුළු සැකකරුවන්ගේ සංඛ්‍යාව 23 ක්.

ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන්නේ යුධ හමුදාවෙන් පැන ගිය විශේෂ බලකා සෙබළෙකු වන ඉරෝන් රණසිංහ නමැත්තා යි. මේ වන විට පොලීසිය මගහැර පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>