එස්.එෆ් ලොක්කා 9 තෙක් යළි රිමාන්ඩ්
ප්‍රකට කරාටේ ශූරයෙකු මෙන්ම අනුරාධපුර පැනෝරා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත ද සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන එස්.එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා නොවැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඔහු ඊයේ (03) පස්වරුවේ පොලීසිය විසින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එස්. එෆ්. ලොක්කා ඉරිදා රාත්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්වූ අතර අනතුරුව රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකළේය.
මෙම සිද්ධිය සමිබන්ධයෙන් දැනට රිමාන්ඩි කර සිටින මුලූ සැකරුවන්ගේ සංඛ්‍යාව 27 ක් වන අතර මෙම සියලූ සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වියෙහි පසු වන්නන් වන අතර මෙම සැකකරුවන් අතරින් ඇතැමුන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුෙවි පවතින අපරාධ නඩු කිහිපයක සැකකරුවන් වීම විශේෂත්වයකි.
අනුරාධපුර – මුදිතා මාවතේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකදී තියුණු ආයුධවලින් පහර දී කරාතේ වසන්ත ඝාතනය කර තිබුණේ පසුගිය 24 වැනිදායි. සිද්ධියෙන් එම සමාජ ශාලාවේ කළමනාකරු ඇතුළු තුන් දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කෙරුණි.