එස්.එෆ් ලොකූගේ තොරතුරු රැසක් එළියට
කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයේ ප්රධාන සැකකරු ලෙස සැලකෙන ‘‘ එස්.එෆ්. ලොකූ ’’ හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් පෙරේදා (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් නාවික සෙබලාගෙන් කරන ලද ප්රශ්න කිරීම් වලදියි. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මගින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ කරෙයිනගර් නාවික හමුදා කඳවුරේදීයි.
අත්අඩංගුවට ගත් නාවික සෙබලා ‘‘ එස්.එෆ්. ලොක්කා ’’ගේ කුඩා කළ සිට මිත්රයෙකු බවද මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. ඔහුගෙන් කරන ලද ප්රශ්න කිරීම් වලදී ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු කිහිපයක් අනාවරණය කර ගත් බවයි පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, මෙම ඝාතන සිද්ධියේ ප්රධාන සැලසුම්කරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්.ලොක්කා නැමැත්තා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ඔහුට විදෙස් ගතවීම වළක්වාලමින් අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය ආගමන විගමන පාලකවරයාට ඊයේ තහනම් නියෝගයක්ද නිකුත් කළේය.
අනුරාධපුරයේ සමාජ ශාලා හිමිකරුවෙකු වූ කරාතේ වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 27 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.