එස්.එෆ්.ලොකූ ගැන ඇමති කරලියැද්දගෙන් ප්‍රකාශයක්

null

අනුරාධපුර සමාජ ශාලා හිමිකරුවෙකු වන වසන්ත සොයිසා ඝාතනයට සම්බන්ධ බවට සැකකරන එස්.එෆ්.ලොකූ හෙවත් ආර්.ඒ. ඉරෝන් රණසිංහ නැමැත්තා බොහෝ අය සමග මිත්‍ර සම්බන්ධතා පවත්වා ඇති බව හිටපු අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා පවසයි.

එස්.එෆ්.ලොකූ නැමැත්තාගේ ෆේස්බුක් ගිණුමේ ඔහු තිස්ස කරලියැද්ද මහතා සමග එක්ව ලබාගත් ඡායාරූප කිහිපයක් ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඔහුට දේශපාලන රැකවරණය ඇති බවට කතාබහක් ඇතිවිය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තිස්ස කරලියැද්ද මහතා සඳහන් කර ඇත්තේ එම තැනැත්තා සමග එවැනි ක්‍රියාවකට තමාගේ සම්බන්ධයක් නොමැති බවත්, දේශපාලනය කිරීමේදී විවිධ මිනිසුන් මුණගැසෙන බවත් ය. එමෙන්ම ඝාතනයට ලක්වූ වසන්ත සොයිසා නැමැත්තා ද හමුවූ විට තමන් සමග සුහදව කතා කළ බවත්, තමන් කිසිදිනක මැර දේශපාලනයක් සිදු නොකළ බවත් ය.

එස්.එෆ්.ලොකූ නැමැත්තාට රැකවරණය සලසන බවට වන ප්‍රචාරයද ඒ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>