එස්.බී ට ඇමතිකම දීම පිළිකුල් කරනවා

null

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් පිරිසකට යලි ඇමති ධූර ලබාදෙමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවන ලදී.

මෙයට බොහෝදෙනාගේ විරෝධය පළවූයේ දුෂිතයන් ආරක්ෂා කිරීමට ගත පියවරක් ලෙස පවසමිනි.

මේ අතර ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීමට පැමිණි මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ පසුගියදා පිහිටුවන ලද ජාතික ආණ්ඩුවෙන් එස්.බී දිසානායක මහතා හට ඇමතිකමක් ලබාදීමට තමා දැඩි ලෙස විරුද්ධ බවයි.

එස්.බී දිසානායක වැනි කාන්තාවන්ට ගරු කිරීමට නොදන්නා පුද්ගලයන් පාර්ලිමෙන්තුවෙවත් නොසිටිය යුතු බවත් ජාතික ආණ්ඩුවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ අය පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනපතිවරයා පරාජය කිරීමට කටයුතු කළ උදවිය බව ඇය කියා තිබේ.

තමාට එල්ලවූ මරණ තර්ජන පවා පසෙකලා වත්මන් ජනපතිට සහයෝගය ලබාදීමට එක්වුවත් එතුමාගෙන් බලාපොරොත්තු වන වෙනස සිදුවුයේ නැත්නම් දෙවරක් නොසිතා ආණ්ඩුවෙන් ඉවත්වන බවත් ඇය එම නිවේදනයෙන් දක්වා තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>