එ.ජා.ප. දුෂණ ගැන අපිත් පැමිණිලි කරනවා
එක්සත් ජාතික පක්ෂ රජයන් පැවති 2001 – 2005 කාලසීමාවේ ඔවුන් විසින් සිදුකරන ලද වංචා සහ දූෂණ පිළිබඳව අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කර ඇත.
ඊට අදාළ ලිපිගොනු සකස් කර එම පැමිණිලි ඉතා කඩිනමින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.
දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි තවදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ අල්ලස් කොමිසමට විවිධ චෝදනා මත ලිපිගොනු ඉදිරිපත් කිරීම මේ වන විට හාස්‍යජනක ක්‍රියාවක් බවට පත්ව ඇති බවත්, නිවැරදි පුද්ගලයින්ට එරෙහිව විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඔවුන් වංචනිකයින් බවට මතුකර පෙන්වීමේ මාධ්‍ය සංදර්ශන නැවැත්විය යුතු බවත් ය.
වැරදි පුද්ගලයින්ට එරෙහිව චෝදනා ඔප්පු කර දඬුවම් ලබාදීම වරදක් නොවන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.