23 May 2018
ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් දිවියට සමුදෙයි
ලොවපුරා ක්‍රිකට් රසිකයින්ගේ හිත් දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර තිබේ.
ඔහු මේ වනවිට ටෙස්ට් තරග 114කට, එක්දින තරඟ 228කට සහ 20/20 තරඟ 78කට ක්‍රීඩාකර තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ අද දිනයේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් 34 හැවිරිදි ඩිවිලියස් සඳහන් කර ඇත්තේ තමන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බවයි.
“මෙය ඉතා අපහසු තීරණයක් වුනා, එත් මට දැන් මහන්සියි. මේ තීරණය ගන්න කලින් මම දිගු කාලයක් කල්පනා කළා..මා තවමත් හොඳින් ක්‍රීඩා කරනවා. එවැනි වෙලාවක සමුගන්න මා කැමතියි.”