ඔබත් නිතර ෆේස්බුක් භාවිතා කරන්නෙක් නම්, පරිස්සමින්

null

නිරන්තරයෙන් Facebook භාවිත කරන්නන් අතර මානසික අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමේ අවදානමක් පවතින බවට නවතම පර්යේෂණයකින් හෙළි වී තිබේ.

අමෙරිකාවේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සමාජයීය මනෝවිද්‍යාව පිළිබඳ දර්ශන විශාරද උපාධි අපේක්ෂකයෙකු වන Mai-Ly Steers විසින් කළ පර්යේෂණ රැසක ප්‍රතිඵලයක් ලෙස මේ බව සොයාගෙන තිබේ.

ඔහු සිය උපාධි නිබන්ධනය වෙනුවෙන් කළ එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ, Facebook භාවිත කරන්නන් සිය මිතුරන් (‍‍Facebook friends) සමග තමන් සංසන්දනය කිරීමට නිරන්තරයෙන් උත්සහ කරන බව ය. එම සංසන්දනයේදී තමන්ට වඩා උසස් ජීවිත ගත කරන මිතුරන්ගේ ජීවිත දෙස බලා කලකිරීමට හෝ විශ්වාසභංගත්වයට පත් වීමක් සිදුවන බව ඔහු කළ පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

Facebook වෙබ් අඩවිය හරහා මිතුරන් පළ කරන බොහෝ තොරතුරු සහ ඡායාරූප සිය ජීවිතය සමග සංසන්දනය කරන්නන් සමාජයට මෙන් ම තමන්ට ද වෛර කිරීමටත්, අදාළ මිතුරන් පිළිබඳව ඊර්ෂ්‍යා කිරීමටත් ඍජුව බලපාන බව පර්යේෂකයාගේ නිගමනය කර ඇත.

මේ හේතුව නිසා කලකිරීමට පත්වන පුද්ගලයින් මානසික අවපිඩනයකට ලක් වීමේ අවදානමක් පවතින බව ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>