ඔබාමාගේ මෘග රථය ඉන්දියාවට

null

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ නිල රථය වන ද බීස්ට් හෙවත් මෘගයා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඊයේ (23) රැගෙන විත් තිබේ.

ඒ, ජනාධිපති ඔබාමාගේ ඉන්දීය සංචාරය නිමිත්තෙනි.

ලොව අති නවීනතම සන්නද්ධ මෝටර් රථය ලෙස සැලකෙන කැඩිලැක් වර්ගයේ මෙම ලිමොසින් රථය අඟල් 8ක ඝනකම තහඩුවකින් සහ අඟල් 5ක් ඝනකමැති වෙඩි නොවදින වීදුරු ජනේලවලින් සමන්විතයි. මෝටර් රථයේ බර ටොන් 8ක් වන අතර, ලීටර් 6.5ක ධාරිතාවකින් යුක්තයි. රසායනික ප‍්‍රහාරයකට මුහුණ දිය හැකි වන ලෙස මෙම මෝටර් රථය පිටස්තර වායු කාන්දුවෙන් වළක්වා අභ්‍යන්තරව ඔක්සිජන් සැපයිය හැකි අයුරින් සකසා තිබේ.

මෙම රථයේ තවත් උපාංග සහ පහසුකම් තිබෙන මුත් ඒවා තවමත් රහසිගත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සඳුදා පැවැත්වෙන ඉන්දීය ජනරජ දිනයේ ප‍්‍රධාන ආරාධිතයා වන ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා හෙට උදෑසන නවදිල්ලියට ළඟාවීමට නියමිතය.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>