ඔබාමා අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කරයි

barakobama

වෙනම ඉස්ලාමීය රාජ්‍යයක් බිහිකිරීම සඳහා ඉරාකය සහ සිරියාවේ යුද වදිමින් සිටින අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කරන බව ඇමරිකානු ජනාධිපති බැරැුක් ඔබාමා ජාතිය අමතමින් ප‍්‍රකාශ කර ඇත. ඇමරිකානුවන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳව සිහිපත් කරන ජනාධිපතිවරයා තම රටට එරෙහිවූ කිසිවෙකුට සැඟවීමට ඉඩ නොතබන බවද අවධාරණය කර තිබේ.

අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත දැඩි ගුවන් ප‍්‍රහාර එල්ල කරන බවට ඔබාමා පවසා ඇත.

මීට පෙර IS සටන්කාමීන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල විය. අමෙරිකානු රැපවාහිනී නාලිකාවක් අමතා බැරක් ඔබාමා ප්‍රකාශ කළේ, IS සටන්කාමීන්ගේ ග්‍රහණයේ පවතින භූමි ප්‍රදේශ නිදහස් කර ඔවුන් පරාජය කරන බව ය. එම අභියෝගයට මුහුණ දීමට හැකි වන පරිදි අමෙරිකානු පුරවැසියා ශක්තිමත් කළ යුතු බව ද ඔබාමා පවසා ඇත.

කෙසේ වෙතත් ඉරාකයේ සහ සිරියාවේ සිටින IS සටන්කාමීන් වෙත ගොඩබිමෙන් ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>