ඔබේ අතෙත් M සළකුණ තිබේනම් විශ්මිත අනාවැකියක් මෙන්න

null

හස්ත රේඛා විද්‍යාවට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්. අදටත් ලෝකයේ බොහෝ රටවල හස්ත රේඛා ඇසුරෙන් අනාවැකි පැවසීම සාමාන්‍ය දෙයක්. මේ ගැඹුරු ශාස්ත්‍ර‍ය මනාව හැදෑරු පුද්ගලයින් අත්ල පරීක්ෂාකොට පවසන අනවැකි බොහෝමයක් සත්‍ය ලෙසයි පිළිගැනෙන්නේ.

මෙයත් ත්ලේ රේඛා ඇසුරින් නිවැරදි අනාවැකි පලකරන්නන් විසින් ලෝකයට ප‍්‍රකාශ කළ නවතම තොරතුරක්. යමෙකුගේ අත්ලක ඉංග‍්‍රීසි ඵම් (M) අකුරේ හැඩයක් තියෙනවනම් ඒ පුද්ගලයා මේ ලෝකයේ ජිවත් වන සුවිශේෂී පුද්ගලයෙක් වනවා නොඅනුමානයි.

මෙවැන්නන්ට සහජඥානය කියන හැමෝටම නැති විශේෂ නුවණ උප්පතියෙන්ම දායාද වෙලා තියෙනවා. මේ ලක්ෂණය ඇති පුද්ගලයෙකු ව්‍යාපාර කටයුත්තක් සදහා හවුල් කර ගන්න පුළුවන් නම් ඒ තැනැත්තා ඔබේ හොදම ව්‍යාපාර හවුල්කරුවා බවට පත් වෙනවා. ඒ තරමටම ඔවුන් අවංකයි.

මේ ලක්ෂණය ඇති පෙම්වතෙක්, පෙම්වතියක්, සහකරුවෙක් සහකාරියක් ඔබට සිටිනවනම් ඔබ හොදින් මතක තියා ගත යුතු හා පිළිපැදිය යුතුම කාරණා තුනක් තියෙනවා. ඒ ඔහු හෝ ඇය සමග කවදාවත් ඕනැවට වඩා විහිළුවට යන්න එපා. කවදාවත් බොරු කියන්නත් එපා. වංචා කරන්න තියා හිතන්නවත් එපා. ඔවුන් මේ සියල්ල ඉවෙන් වගේ තේරෙන ගතියක් සහජයෙන් ලැබිලා තියෙනවා.

M අකුර අත්ලේ තියෙන පිරිමි කෙනෙකුගේ සහජඥානයට වඩා M අකුර අත්ලේ තියෙන ගැහැණු කෙනෙකුගේ සහජඥානය සහ හැකියාව වැඩි බවයි හස්ත රේඛා විශේෂඥයින් පවසන්නේ.

ඒ වගේම මෙවැනි පුද්ගලයන් සතුව තම ජිවිතයේ සිතන පතන ඕනෙම දෙයක් ලඟා කර ගැනීමට තරම් බලවත් ශක්තියක් තිබෙනවා. දියුණු වෙන්න හම්බ වෙන පුංචි අවස්ථාවකින් වුවත් අති සාර්ථක ප‍්‍රතිඵල ලබා ගන්න මොවුන් උපන් හපනුන්.

අතීතයේ පටන් මේ දක්වා ලෝකයේ බිහි වූ බොහෝ අති සාර්ථක පුදගලයන් සතුව මේ M අකුරේ හැඩය අත්ලේ තිබිලා තියෙනවා. දැන් ඔබේ අතෙත් මේ අකුර තියෙනවා වගේ පෙනේවි. හැබැයි මේ අකුර ආවට ගියාට තිබිලා මදි. හොදින් කැපී පෙනෙන ලෙස තද රේඛා වලින් තිබිය යුතුයි කියල හස්ත රේඛා විශේෂඥයින් පවසන්නේ.

cuisineandhealth ඇසුරෙනි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>