08 Jan 2016
ඔබේ ප්‍රශ්න අද සිට ජනපතිටම කියන්න
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම – ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.
වැඩසටහන දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී සිදු කෙරුණි.
ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැක.
තැපැල් පෙට්ටිය, අංක 123 ට යොමු කිරීමෙන් සහ අන්තර් ජාලය හරහා ද තම ගැටළු ජනාධිපතිවරයාට සෘජුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එමෙන්ම [email protected] විද්‍යුත් ලිපිනයෙන් ද, tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැක.