ඔබේ Dubsmash වීඩියෝ නිල් චිත්‍රපට කොටසක් ලෙස පෙනීමේ අවධානමක්
Android සහ Apple දුරකථනයන් සදහා හදුන්වා දෙනු ලැබූ Dubsmash ඇප් එක මේදිනවල ලොව පුරා ජනප්‍රියත්වයට පත්ව තිබේ. මෙම ඇප් එක නිර්මාණය කර තිබෙන්නේ ජර්මනියේ Jonas Druppel, Roland Grenke සහ Daniel Taschik යන පිරිස් විසිනි.
මෙමගින් ඔබට ඕනෑම දෙබසකට, සංගීත ඛණ්ඩයකට වීඩියෝ හඬ කැවීමේ පහසුකම් ලබා දී තිබේ. මේ ඇප් එක නිකුත් වීමත් සමග බොහෝදෙනා ජනප්‍රිය නළු නිළියන් පවා Dubsmash වීඩියෝ කර තම ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණි.
කෙසේ නමුත් එහි ජනප්‍රියතාවයත් සමග ඇතැම් උදවිය එම ඇප් එක හරහා යුතු ප්‍රයෝජන ගැනීමටද කටයුතු කොට ඇති බව වාර්තා වේ.
ඒ Dubsmash කරන ලද වීඩියෝ භාගතකොටගෙන ඒවාට නිල් චිත්‍රපටවල පසුබිම් හඬ යොදා නැවත අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කිරීමත් එම ඩබ්මාෂ් එකතුකළ තරුණියන්ට එය පෙන්වා කප්පම් ලබාගැනීමත් ය. එවැනි වූ සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ.
මෙහිදී බොහෝ වීඩියෝ සත්‍ය ආකාරයෙන්ම එම තරුණිය විසින් ලිංගික කටයුතු අතරවාරයේ නැගෙන ශබ්ද අනුකරණය කරන්නාක් මෙන් සාදා තිබුන අතර බොහෝ තරුණියන් මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ.