29 Aug 2015
ඔරන්ඔටන් සත්වයෙකු ලාංකිකයෙකු සපාකයි
සුමාත්රා දූපතේ කඳු නැගීමේ නිරත වූ ශ්රී ලාංකික තරුණයෙකු එම සංචාරය අතරතුර ඔරන්ඔටන් සත්ත්වයෙකු සපා කෑම නිසා රෝහල් ගත කර තිබේ.
වයස අවුරුදු 27ක් වන මොහු බිනුල වික්රමආරච්චි නම් ලාංකික තරුණයෙක්. ඔහු ජීවත් වන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්රදේශයේ. ඔහු මෙම අනතුරට ලක්ව ඇත්තේ කඳු නැගීමේ යෙදී සිටියදියි.
ඔරන්ඔටං සපා කෑමෙන් ඔහුගේ දකුණු කකුලට වඩාත් බරපතල හානි සිදුව තිබෙන බව වාර්තා වේ.
මෙම අනතුර සිදු කළ ඔරන්ඔටං සත්ත්වයාගේ වයස අවුරුදු 38 වන අතර මීට පෙරද මෙවැනිම පහරදීම් සිදු කර තිබෙන බවද සඳහන්.