28 Feb 2015
ඔස්කාර් උළෙලට පැමිණි නිළියගේ මුතු ගවුම අතුරුදන්
ඔස්කාර් සිනමා උළෙලට සහභාගි වී සිටි රංගන ශිල්පිනියක වන කෙන්යානු ජාතික ලූපිටා න්යන්ගෝගේ ගවුම කිසියම් අයෙකු සොරාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.
ඔස්කාර් සම්මාන උළෙලට සහභාගි වීම සඳහා සුප්රකට නිර්මාණ ශිල්පී කැල්වින් ක්ලයින් නිමවූ මෙම ඇඳුමට ස්වභාවික මුතු 6000 ක් අල්ලා තිබූ අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් 150,000 ක් බව සඳහන් වේ.
ඉකුත් වසරේ හොදම සහාය නිළිය ලෙස ඔස්කාර් සම්මානය ලැබූ ලූපිටා න්යන්ගෝ මෙම වසරේ ඔස්කාර් සම්මාන උළලේ ප්රධාන නිවේදිකාව ලෙසද කටයුතු කළාය.
ඇය නතර වී සිටි හොලිවුඞ් පුරයේ ලන්ඩන් හෝටලයේ කාමරයෙන් නික්ම ගොස් සිටි මොහොතක මෙම වටිනා ගවුම අතුරුදන්වී ඇති අතර ආරක්ෂිත කැමරා පරීක්ෂා කොට එය සෙවීමට උත්සාහයක් ක්රියාත්මකයි.