ඔෆිස් එකේ දොර ලොක් කරගෙන සිසුවියක් දුෂණය කරන්න හැදු විදුහල්පති

null

පුත්තලම නගරයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙකු පාසලේ ඉගෙනුම ලබන සිදුවියකට ලිංගික අතවරයක් සිදුකර ඇති බවට අසල්වැසියෙකු ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.

සිද්ධියට මුහුණ පා ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක්. එම ශිෂ්‍යාව පසුගිය වසරේදී දෙමාපියන් විසින් පුත්තලම නගරයේ ප්‍රසිද්ධියක් දරණ මෙම පාසලට ඇතුළත් කර ඇත්තේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහායි.

විදුහල්පතිවරයා තමන්ට කිහිපවතාවක්ම විවිධාකරයේ අසැබි යෝජනා කළ බවත්, තමන්ට අධ්‍යාපන කටයුතු වල නිරතවීමට නොහැකි ආකාරයෙන් නිතරම විදුහල්පති කාර්යාලයට කැඳවාගෙන ගොස් දොර අගුළු දමා තමන් සමග ලිංගිකව හැසිරීමට බලකරන බවත් දැරිය පොලිසියට සඳහන් කර තිබේ. විදුහල්පතිවරයා තමන්ගේ සිරුර කිහිපවතාවක්ම ස්පර්ශ කළ බව ද දැරිය සඳහන් කර ඇත.

අදාළ දැරිය මේ වන විට වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>