ඕනෑම පරීක්ෂණයකට මුහුණදෙන්න සූදානම්

null

පවතින රජයෙන් සිදු කරන චෝදනා හමුවේ තමන් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බව ඒක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

හෘද සාක්ෂියට එකඟව කිසිදු වරදක් කර නොමැති බැවින් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බව ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අද පුවත්පතට අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ.

“මමත් මගේ පවුලේ අයත් හෘද සාක්ෂියට එකඟව කිසිදු වැරැද්දක් කළේ නැහැ. දේශපාලනිකව මාවත්, මගේ පවුලේ අයවත් විනාශ කර දැමීමට ගත් පළමු පියවර මේකයි. මෙවැනි දේවල් ඉදිරියට තවත් ගොඩක් එයි. රටට සාමය ගෙනාපු ජනාධිපතිවරයාගේ පුතා වීම තමයි මට එරෙහිව චෝදනා එල්ල කරන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඉදිරියේදී තව තවත් අපේ චරිත ඝාතනය කරන්න පුළුවන්. ඒ වගේම, අපේ පවුලේ අයගේ ජීවිත පවා හානි වෙන්නත් පුළුවන්. ඒත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නෑ.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>