ඕමන්තේ ආරක්ෂක මුරපොළ ඉවත් කරයි

null

2002 සිට ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් උතුරු- දකුණු ගමනාගමන කටයුතු පරික්‍ෂා කිරීම් සිදු කළ ඕමන්ත සීමා මුරපොළ ආරක්‍ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව අද (29) උදෑසන සිට සමිපූර්ණයෙන්ම වසා දමා සිවිල් ජනතාවට සාමාන්‍ය පරිදි ගමන් කිරීමට අවස්ථාව උදා වී ඇති බවට ආරක්ෂක අංශ පවසයි.

යුද්ධය ආරම්භවීමටත් පෙර සිටිම ආරම්භ වූ ඕමන්ත සීමා මුරපොළ ලොක ප‍්‍රසිද්ධ වූවේ යුද සමයේදී ආරක්‍ෂක අංශ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය අතර සීමාවන් පැවතීමත් සීමා මුර හරහා ගමන් ගත් සියලුම වාහන සහ පුද්ගලයින් සම්පූර්ණ පරික්‍ෂාවකට කිරීමත් හේතුවෙනි.

කෙසේ වෙතත් යුද්ධය අවසන් වීමෙන් පසුවද ඕමන්ත සීමා මුරපොළේ පරීක්‍ෂා කිරීම් කටයුතු සිදු වූ අතර පසුව 2013 සැප්තම්බර් මස 01 වැනිදා වන්නි ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ඕමන්ත සීමා මුරපොළේ නීති රීති හා පරික්‍ෂාකිරීමේ කටයුතු මහජනතාව වෙනුවෙන් තරමක් ලිහිල් කෙරුනු අතර සැක සහිත පුද්ගලයින් හා වාහන පරික්‍ෂා කිරීම හා ලියාපදිංචි කිරීම සිදු විය.

දැනට රට තුළ පවතින සමකාමි වාතාවරණය සහ මහජනතාවට මුහුණදිමට සිදු වන අසීරුතාව පිළිබඳ සලකා එම දෛනික පරික්ෂා කිරිම් තාවකාලිකව නතර කළ බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවිර මහතා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>