ඕස්ටේ‍්‍රලියාවේ අවන්හලක් තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයේ

null

ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නුවර ප‍්‍රසිද්ධ අවන්හලක් තුළ සිටින පුද්ගලයන් පිරිසක් මේ වනවිට තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අවන්හල ඇතුළත කළු කොඩියක් ඔසවා ඇති අතර එහි අරාබි අකුරු කිහිපයක් මුද්‍රණය කොට ඇති අතර තවමත් මෙම තුවක්කු කරුවන් කවුරුන්ද යන්න අනාවරණ වී නොමැති බව සඳහන්.

පැය කිහිපයක් පුරා තුවක්කුකරුවන්ගේ ග‍්‍රහණයට ලක්ව ඇති පිරිස මුදාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර ඇති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි. බේරා ගැනීමේ මෙහෙයුම්වලට පහසුවක් වීම සඳහා අවට සිටින පිරිස් පොලීසිය විසින් ඉවත් කර තිබේ.

අදාළ අවන්හල අවට ප‍්‍රදේශයට පූර්ණ පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ප‍්‍රාණ ඇපයේ සිටින පුද්ගලයින් ගණන හෝ ප‍්‍රහාරයට පැමිණ සිටින සන්නද්ධ පුද්ගලයින් ගණන කීදෙනෙක්දැයි තවමත් තහවුරු වී නොමැත. සන්නද්ධ පුද්ගලයින් එක් අයෙකුට වඩා වැඩි ගණනක් සිටින බවද ඊට අමතරව තවත් පුද්ගලයින් තුන්දෙනෙකු අවන්හල තුළ සිටිනු නිරීක්ෂණය වූ බවද විදෙස් වාර්තා පවසයි.

ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ටෝනි ඇබොට් පවසන්නේ එ් පිටුපස සිටින අපරාධ කණ්ඩායම කවුරුන්දැයි තවමත් සිතාගත නොහැකි බවත්, ඇතැම් විට මෙම ප‍්‍රහාරය දේශපාලන වුවමනාවක් නිසා සිදුකළ එකක්ද විය හැකි බවත් ය.

null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>