06 Oct 2015
කටුනායක ගුවන්තොටුපල සංවර්ධනයට ජපානය සමග ගිවිසුමක්
ජපානයේ නිල සංචාරයක යෙදී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
කටුනායක ගුවන් තොටුපොළේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු සඳහා ජපානයේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ඍජු දායකත්වය ලබා ගැනීමට නියමිතයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ජපාන අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ යන මහත්වරුන් ඉදිරියේදී අදාළ ගිවිසුමට අත්සන් තබයි.
ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් යන මහත්වරුන් ඊට අත්සන් තබනු ඇති.