කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වර්ජනයේ

null

සිය දීමනා සම්බන්ධයෙන් පවතින ගැටළු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකළ බව පවසමින් කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබේ. අද උදෑසන 09.00ට මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර ගුවන් තොටුපල සේවකයින් දහසකට අධික ප‍්‍රමාණයක් වර්ජනයට එක්ව සිටින බව වාර්තා වේ.

ඉල්ලීම් 05 ක් මුල්කරගනිමින් මොවුන් මෙලෙස වර්ජනය ආරම්භ කර තිබේ.

රුපියල් 10,000 කින් වැටුප් වැඩිකිරීම, වෛද්‍ය රක්ෂණාවරණය ක්‍රමවත් කිරීම, සේවක ණය මුදල් ලබාදීම , ගුවන්තොටුපළ ආරක්ෂක ප්‍රධානියා ඉවත් කිරීම සහ සේවකයින්ට විවේකාගාර ලබාදීම මොවුන්ගේ ඉල්ලීම් වේ.

සාකච්ඡුා වට 12ක් පැවැත්වූ නමුත් ඒවා සාර්ථක නොමැති නිසා වර්ජනය ආරම්භ කළ බව ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පැවසුවේය.

ගුවන් තොටුපොළේ සියලු කටයුතු ඇන හිට ඇත. අද උදේ උදේ 10.03ට විදුලිය විසන්ධි වූ අතර 10.45 පමණ සේවකයෝ විදුලි ජනන යන්ත්‍ර ඇති පෙදෙස්හි බලය සියතට ගෙන විදුලිය විසන්ධි කර දැමූහ. මින් මොහොතකට පෙර ගුවන්තොටේ දුරකතන ද ක්‍රියා විරහිත විය.

මේ අතර මෙම වර්ජනයත් සමග ගුවන් ගමන්වලට ද බාධා එල්ල වී ඇති බව එහි බලධාරීන් තහවුරු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>